ගෑස් මිල සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ගෘහස්ථ LP ගෑස් මිල සංශෝධනයක් හෙට (02) උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය ජුනි මස 4 වැනිදායි.

එහිදී කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කළ අතර එහි නව මිල සඳහන් වූයේ රුපියල් 3790ක් වශයෙන්.

එමෙන් ම කිලෝ ග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 1,522ක් වශයෙන් සටහන් වුණා.

තවද කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 712ක් දක්වා පහත දැමූ අතර එය රුපියල් 28කින් අඩු කළ බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *