දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් අයහපත් කාලගුණික තත්ත්වය බලපා ඇති බැවින්, අද දින ගුවන් ගමන් සඳහා නියමිත මගීන් ගුවන් තොටුපළ වෙත පැමිණීමට පෙර නවතම ගුවන් ගමන් තොරතුරු පරීක්ෂා කරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ. තම නිල වෙබ් අඩවියේ ඇති Flight Status (ගුවන් ගමන් තත්ත්වය) කොටස හරහා හෝ ක්ෂණික දුරකථන අංක 1979 (ශ්‍රී ලංකාව තුළදී) හෝ +94 117 77 1979 (ජාත්‍යන්තර ඇමතුම් සඳහා) ඇමතීමෙන් තත්‍ය කාලීන ගුවන් ගමන් තොරතුරු දැන ගන්නා ලෙස ගුවන් සේවය මගීන්ගෙන් ඉල්ලා සිටී.






















