ගුවන් සේවිකාවන්ට ලිංගික අඩත්තේට්ටම් කළ ගුවන් මඟියාට වැඩ වරදී

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මඟියෙකු, එම ගුවන් යානය තුළ සිටි මඟීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම හේතුවෙන් ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (12) අලුයම ගුවන් තොටුපොළ පොලිසිය මඟින් අදාළ මඟියාව එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු ස්වීඩනයේ සහ යාපනය, නාගද්වීපය ප්‍රදේශයේ පදිංචි, දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවයහිමි 65 හැවිරිදි අයෙකි.

මොහු අද අලුයම 12.45ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-144 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, අධික ලෙස මත්පැන් පානය කර ඇති බව වාර්තා

ඉන් අනතුරුව එම ගුවන් යානය තුළ සිටි මඟීන්ට කරදර වන ආකාරයට ඔහු හරසිරි ඇති අතර පසුව එම යානය තුළ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු වෙතද ලිංගික අඩන්තේට්ටම් කිරීමට ද ඔහු තැත් කර ඇත. පසුව ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීන් ඔහු මැඩ පවත්වා තිබූ අතර, මෙම සිදුවීම පිළිබඳව, ගුවන් නියමුවා දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබුණි.

ඒ අනුව සිදුකළ දැනුවත් කිරීම අනුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස වූ පසුව, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන්, ගුවන් තොටුපොළ පොලිසිය සමඟ පැමිණ, මෙම ගුවන් මඟියා අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන් මඟියාව පොලිසිය විසින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබූ අතර, එහිදී මොහු මත්පැන් පානය කර ඇති බවට කරුණු සනාථ වී ඇති අතර ඒ අනුව මොහු අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 607

Leave A Reply

Your email address will not be published. Required fields are marked *