ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවළිය -2025

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් දොලොස් වන වරටත් සංවිධානය කරනු ලබන 2025 ගුවන් හමුදාධිපති කුසලාන කාන්තා සහ පිරිමි විවෘත හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රජපක්ෂ මැතිතුමන්ගේ මග වරායට සමීපව සුන්දර චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී 2025 18 වන දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. ගොල්ෆ් තරඟාවලිය ගුවන් පෙන්වීම මත ත්‍රිකුණාමලය ජනවාරි මස 17 වන දින සිට

මෙම ගොල්ෆ් තරගාවළියේ දි ගුවන් හමුදාධිපති කුසලානයට සමගාමීව ත්‍රිවිධ හමුදාවන් නියෝජනය කරන තරඟකරුවන් පිරිමි සහ කාන්තා කාණ්ඩයන්ට අයත්ව දක්ෂතම ත්‍රිවිධ හමුදා සේවා ක්‍රීඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහා ද තරඟ වැදීමට නියමිතව ඇත.

දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වීමට නියමිත ගුවන් හමුදාධිපති ගොල්ෆ් තරගාවළිය තුලින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ එක්තරා පැතිකඩක් වන ක්‍රීඩාව මත පදනම් වූ සංචාරක කර්මාන්තය තුළින් සංචාරක ක්‍රිඩාව (Sport Tourism) ප්‍රවර්ධනය කිරීමට ගුවන් හමුදාව සතු අනුරාධපුර, කොග්ගල හා චීනවරාය යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඉදිකර ඇති ගොල්ෆ් ක්‍රීඩාංගන ත්‍රිත්වයක් මේ වන විටත් සුවිශේෂි කාර්ය භාර්යයක් ඉටු කරනු ලබන අතර මෙමගින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තම සෘජු දායකත්වය ලබා දී ඇත. ඒ අනුව දකුණු පළාත් සංචාරක කර්මාන්තයේ ආකර්ෂණීය ස්ථානයක පිහිටුවා ඇති කොග්ගල ගොල්ෆ් ලින්ක් ක්‍රීඩාංගනය 2024 වර්ෂයේ දී 450 කට අධික දෙස් විදෙස් ගොල්ෆ් ක්‍රීඩකයින් පිරිසක් භාවිතා කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වන විට ශ්‍රී ලංකාව තුල ගොල්ෆ් ක‍්‍රීඩාව ප්‍රචලිත කිරීම සදහා සුවිශේෂී කාරයභාර්යයක් ඉටු කරනු ලබන අතර පාසල් මට්ටමෙන් ගොල්ෆ් ක්‍රීඩාව නගා සිටු වීම අරමුණු කර ගනිමින් ගුවන් හමුදාධිපති තුමන්ගේ උපදෙස් මත ගොල්ෆ් ක්‍රිඩාව පිළිබද උනන්දුව දක්වන හා දක්ෂතා දක්වනු ලබන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ගොල්ෆ් ක්‍රීඩාව පිළිබඳ විශේෂ වැඩමුළු පාසල් මට්ටමින් ආරම්භ කිරීම මේ වන විටත් සිදු කර ඇත.

ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන හා ත්‍යාග පිරිනැමීමේ උත්සවය 2025 ජනවාරි මස 18 වන දින සන්ධ්‍යාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

මෙම වසරේද ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන අතර ඒ පිළිබඳව ඩයලොග් එන්ටර් ප්‍රයිස් ආයතනයේ සමූහ ප්‍රදධාන නිලධාරී නවීන් පිරිස් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ත්‍රිකුණාමලය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හිදී පවත්වනු ලබන ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සාර්ථක කරගැනීම සඳහා පස්වන වරටත් අනුග්‍රාහකත්වය සපයමින් ගුවන් හමුදාව සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය භාග්‍යයක් කොට සලකන බවයි.

What's your reaction?

Related Posts

1 of 454

Leave A Reply

Your email address will not be published. Required fields are marked *