ගෝඨාභය සමයේ විවේචනය කළ විපක්ෂය අද බදු ලිහිල් කිරීම ඡන්ද පොරොන්දුවක් කරගෙන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුගයේදී සිදුකළ බදු සහන දැඩි ලෙස විවේචනය කළ විපක්ෂය අද වනවිට බදු සහන ලබාදීම මැතිවරණ පොරොන්දුවක් බවට පත්කරගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

සිය පාලනයක් යටතේ උපයන විට බදු අනුපාතය සහ එකතු කළ අගය මත බදු අනුපාතය පහත හෙළන බව සමගි ජන බලවේගය සිදු කරන ප්‍රකාශ ගැලරිය පිනවීමේ සටන් පාඨයක් පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අතාර්කික ක්‍රමවේද ඔස්සේ බදු අනුපාත පහත හෙළීම සඳහා කිසියම් පාර්ශවයක් උත්සහ දරන්නේ නම් එය ⁣පෝලිම් යුගයක් වෙත ගමන් කරමින් රට ආපස්සට හැරවීමක් බව ඔහු පෙන්වා දෙනවා.

එසේම අඩු වන බදු අනුපාත හේතුවෙන් අහිමි වන ආදායම උත්පාදන සඳහා මුදල් මුද්‍රණය සිදුකළයුතු අතර නව මහ බැංකු පනත තුළ ඊට ප්‍රතිපාදන අවම බවයි සේමසිංහ පවසන්නේ.

ඒ සඳහා මහ බැංකු සංශෝධනය කළ යුතු අතර එය නැවත වරක් ආණ්ඩුව මහ බැංකු ක්‍රියාවලියට අනවශ්‍ය ඇගිලි ගැසීමක් බව අමාත්‍යවරයා පවසනවා.

විපක්ෂය⁣ට අවශ්‍ය වන්නේ මහ බැංකුවේ ස්වාධීනත්වය අභියෝගයට ලක් කිරිම විය හැකි බවයි සේමසිංහ වැඩි දුරටත් සඳහන් පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *