දියුණු ආර්ථික වල ශ්‍රම වෙළඳපොළ පීඩනය පහව යාම මෙන්ම, අපේක්ෂිත බලශක්ති මිල අඩුවීම හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉදිරියේ දී මධ්‍යස්ථ වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා. ඒ ආසියානු සංවර්ධන බැංකුව හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධව පැවැත්වූ සාර්ව ආර්ථික සමුළුව අමතමින්. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සම සත්කාරකත්වය දැරුවා.