ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කම්බිලිකොටුව ප්‍රදේශයේ දී 52 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලබා දහවල් කාලයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
ගෙවල් කුලී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මරණකරු විසින් පිරිමි පුද්ගලයෙකුට හා ඔහුගේ බිරිඳට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බවත්, ඉන් පසු පිරිමි පුද්ගලයා විසින් මරණකරු අත තිබූ තියුණු ආයුධය උදුරා ගෙන මරණකරුට එම තියුණු ආයුධයෙන්ම පහර දී ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැකකරු හා ඔහුගේ බිරිඳ සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.