චක්‍රලේඛනවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කරන නිලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් රතු එළියක්…

චක්‍රලේඛනවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කර ගන්නා සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ මේ වනවිට පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා දේශපාලන මැදිහත්වීම සම්පූර්ණයෙන් නතර කර ඇති බවයි.

එවැනි තත්ත්වයක් තිබියදී පාසල්වලට ළමුන් ඇතුළත් කිරිමේදි ඇතැම් තැන්වල අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබි ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

එවැනි අක්‍රමිකතා ඇත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට පැමිණිලි කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 824

Leave A Reply

Your email address will not be published. Required fields are marked *