ඒ හෙටින් උදාවන චීන නව වසර පිළිගැනීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විසින් පවත්වන “වසන්ත උත්සව ගාලා” ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් (අද) රාත්‍රී 8 ට ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත මුදා හැරීමත් සමඟයි.
ලොව 200කට අධික රටවල් හා කලාපයන් හි 3000 ඉක්ම වූ මාධ්‍ය ආයතන ඔස්සේ විකාශය කෙරෙන මෙම “වසන්ත උත්සව ගාලා ප්‍රසංගය” ලොව වැඩිම ප්‍රේක්ශක පිරිසක් නරඹන ලද අලුත් අවුරුදු සංස්කෘතික හා කලාත්මක වැඩසටහන බවට ද වාර්තා අතරට එක්ව තිබෙනවා.
අති නවීන තාක්ෂණික ප්‍රයෝග සමඟින් විචිත්‍රවත් වූ දැවැන්ත වේදිකාවන් හි රඟ දැක්වෙන අංග රැසකින් සමන්විත මෙම ප්‍රසංගය, වසන්ත උත්සවය සහ චීන සංස්කෘතියේ අසිරිය පිළිබඳ නැවුම් ප්‍රාසාංගික අත්දැකීමක් ලොවට සමීප කිරීම විශේෂත්වයකි.