චෙස් ක්‍රීඩාවට තහනමක්..

ඇෆ්ගනිස්තානයේ චෙස් (චතුරංග) ක්‍රීඩාව සහ ඒ හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් සඳහා තාලිබාන් රජය විසින් අනිශ්චිත කාලයකට තහනමක් පනවා ඇත.

මේ පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි පවසන්නේ, ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ චතුරංග ක්‍රීඩාව සූදුවේ ආකාරයක් ලෙස සැලකෙන බවයි.

මෙය රටේ “යහපත ප්‍රවර්ධනය කිරීම සහ අයහපත වැළැක්වීමේ නීතිය” යටතේ තහනම් කර ඇති අතර, චතුරංග ක්‍රීඩාවට ආගමික විරෝධතා පවතින බවද ඔහු සඳහන් කළේය.

“මෙම විරෝධතා විසඳෙන තුරු ඇෆ්ගනිස්තානයේ මෙම ක්‍රීඩාව තාවකාලිකව අත්හිටුවනු ඇත,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම තීරණය චතුරංග ලෝලීන් සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර අතර කලකිරීමක් ඇති කර ඇත.

මීට පෙර තාලිබාන් රජය විසින් කාන්තාවන්ට ක්‍රීඩාවලට සහභාගී වීම තහනම් කළ බව ද සැලකිල්ලට ගත යුතුය.

What's your reaction?

Related Posts

1 of 761

Leave A Reply

Your email address will not be published. Required fields are marked *