පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දේශීය නිරීක්ෂකයින් 4450 ක් පමණ යොදවන බව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙවර ඡන්ද විමසීම වෙනුවෙන් නිරීක්ෂකයින් 3,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බවයි.
ඒ අතරට ජංගම නිරීක්ෂකයින් 800 කට අධික පිරිසක් ඇතුළත් වේ.
කැෆේ සංවිධානය, නිරීක්ෂකයින් 1250 දෙනෙකු යොදවන බව, එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කළේ ය.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයෙන් යොදවන, නිරීක්ෂකයින් සංඛ්‍යාව, 200කි.
එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේ, ජංගම නිරීක්ෂණ රථ 50ක් ද, ඒ සඳහා යොදවන බවයි.
මෙවර ඡන්ද විමසීම සඳහා කිසිදු විදේශීය නිරීක්ෂකයෙකු එක් වන්නේ නොමැත.