ජනක මහේන්ද්‍ර සහ එස්. සී. මුතුකුමාරණ අභාවප්‍රාප්ත වෙයි

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ ජනක මහේන්ද්‍ර අධිකාරි මහතා රෝගාතුරව සිටියදී සිය වයස අවුරුදු 60 දී අභාවප්‍රාප්ත විය. ඒ සමඟම, ඔහු සමඟ සමකාලීන දේශපාලනයේ නිරත වූ හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ මහතා ද අසනීප තත්ත්වයෙන් පසුවෙමින් සිටියදී ඊයේ සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත වී ඇත. තලාව ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනය ආරම්භ කර පසුව උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ මුතුකුමාරණ මහතා, 2010 වසරේදී කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකි.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *