14 වැනි ලියෝ ශූද්ධෝත්තම පියතුමන්ට ජනාධිපති අනුර දිසානායක මහතා සුබ පැතුම් එක් කර තිබේ.
ඒ X පණිවුඩයක් නිකුත් කරමින් ය.
ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ “ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර, ඒ හරහා ලෝකවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි.
ඔබ වහන්සේගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක් සහ ආශ්වාදයක් ගෙන එනු ඇත ” යනුවෙන්ය.
