ජනපති මහනායක හිමිවරුන් බැහැදකියි: ආපදා සහන වැඩපිළිවෙළ ගැන දැනුවත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (ජනවාරි 01) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගනිමින් නව වසරට ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව, මල්වතු සහ අස්ගිරි පාර්ශවවල මහානායක ස්වාමීන් වහන්සේලා සහ අනුනායක ස්වාමීන් වහන්සේලා බැහැදැක තිබේ. එහිදී පසුගිය වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ස්වභාවික ආපදා තත්ත්වයෙන් පසු ඇති වූ අභියෝගාත්මක තත්ත්වයන් ජයගැනීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයා මහා සංඝරත්නය දැනුවත් කළේය.​මුලින්ම මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ සහ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක ස්වාමීන් වහන්සේ සහ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බැහැදැක තිබේ. ජනතාව වෙනුවෙන් සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මහා සංඝරත්නය මෙහිදී සිය නව වසරේ ආශිර්වාදය හා සුබ පැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

What's your reaction?

Related Posts

1 of 922

Leave A Reply

Your email address will not be published. Required fields are marked *