ජනපති ලේකම් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හමුවෙයි…

රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකිරීමේදී රෝගීන් විශාල ප්‍රමාණයක් පෝලිම්වල සිටින බැවින්  එම පෝලිම් අවම කර ගැනීමට ජනාධිපති අරමුදල මගින් ගත හැකි පියවර සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර (18) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී.

හෘද, අක්ෂි, ළමා රෝග ඇතුළු විවිධ රෝගීන් විශාල ප්‍රමාණයක් මෙසේ රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා පෝලිම්වල සිටින අතර ඔවුන් මුහුණදී සිටින අපහසුතා මගහරවා ගැනීමට ජනාධිපති අරමුදල සහ අනිකුත් අංශ මගින් ලබාදිය හැකි සහන පිළිබඳව මෙහිදී අවදානය යොමු විය.

මීට අමතරව රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසුව ද ශල්‍යකර්ම සිදුකිරීම සම්බන්ධව සාකච්ඡා කෙරුණු අතර එහිදී වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *