ජනශක්ති සමුහ ව්‍යාපාරය තරුණ පරපුර සවිබල ගැන්වීමේ හා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව මෙවරත් Battle of the Hindus සඳහා අනුග්‍රහය දක්වයි

ජනයක්ති සමූහ ව්‍යාපාරය (JXG) අඛණ්ඩව 3 වන වරටත් කොළඹ හින්දු විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් කරකය (Battle of the Hindus) සඳහා නිල අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටී. මෙය දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සවිබල ගන්වයින් රටේ ක්‍රීඩා හා සංස්කෘතික කටයුතු වලට අත්වැලක් වීම සඳහා ජනශක්ති සමුහය දරන උත්සාහයෙහි තවත් එක් පියවරකි

මෙරට ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය තරගයක් වන හින්දු විද්‍යාල අතර ක්‍රිකට් ගැටුමේ මේවර කරසය 2025 පෙබරවාරි 7 සහ 8 යන දිනවල යාපනය හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙය ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වාර්ෂික තරග අතරින් එකක් ලෙස සැලකේ. එමෙන්ම මෙය පාසල් දෙකේ සිසුන්ට තම දක්ෂතා හා ක්‍රීඩාශීලීත්වය ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අනගි අවස්ථාවකි

එමෙන්ම ‘JXG Battle of the Hindus’ තරගය මේ වන විට ක්‍රීඩාවේ විශිෂ්ටත්වය මෙන්ම ප්‍රජාවන් අතර සහයෝගීත්වය වර්ධනය කරන ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව්වක් ලෙසද ඇගයීමට ලක් වී ඇත

” තරුණ පරපුරේ මනස හැඩ ගැස්වීම සහ අභියෝග වලට ඔරොත්තු දිය හැකි ප්‍රජාවන් නිර්මාණය කිරීම සඳහා ක්‍රීඩාව කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටුකරනවා අඛණ්ඩව 3 වන වරටත් මෙම ඓසිහාසික තරගයට අනුග්‍රහය දැක්වීමට හැකි වීම අපට මහත් සතුටක් හා ගෞරවයක්, එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සවිබල ගැන්වීම සහ විවිධ සම්ප්‍රදායන් ඇගයීම සම්බන්ධයෙන් අප සතු දැක්ම සමග මැනැවින් සම්පාත වනවා ‘JXG Battle of the Hindus හරහා දක්ෂතා සහ ආකල්ප වැඩි දියුණු කරන සහ ප්‍රජාවන් අතර බැඳීම වර්ධනය කරන අඩිතාලම් නිර්මාණය කිරීම අපගේ ඉලක්කයයි. මෙම වාර්ෂික තරගා වලියට ලබා දෙන අඛණ්ඩ අනුග්‍රාහකත්වය, විශිෂ්ටත්වය, එකමුතු බව සහ යහපත් තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා ජනශක්ති සමුහ ව්‍යාපාරය දක්වන උනන්දුව හා කැපවීම පිළිබඳව මනා සාක්ෂියක් ” ජනශක්ති සමුහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ / සමුහ ප්‍රධාන විධායක නිලධාරි රමෙෂ් යාස්ටර් මහතා පැවසී ය.

ජනශක්ති සමුහ ව්‍යාපාරයේ තේමා පාඨය වන “Stronger Together, Stronger Than Ever යන්නට සමගාමී මෙහෙවරක් වන මෙම අනුග්‍රාහකත්වය, ප්‍රජා දායකත්වය හා කරුණ සංවර්ධනය සම්බන්ධයෙන් ජනශක්ති සමුහය සතු පොදු දැක්මද මැනැවින් නිරූපණය කරයි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ පාසල් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තම දක්ෂතා මෙන්ම ක්‍රීඩාශීලීත්වයේ වැදගත්කම සහ සංස්කෘතික අභිමානය ප්‍රදර්ශනය කිරීම සඳහා ලැබෙන කදිම අවස්ථාවකි.

අවසානයි –

ජනශක්ති සමූහ ව්‍යාපාරය (JXG) පිළිබඳව

ජනශක්ති සමූහ ව්‍යාපාරය යනු රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන බැංකුකරණ ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වන අනුබද්ධ සමාගම් සහිත මුල්‍ය සේවා සමුහ ව්‍යාපාරයකි. මෙම සමාගම් සියල්ලම අදාළ ක්ෂේත්‍ර තුළ ඉදිරියෙන්ම සිටීමට සමත් වී ඇත. ජනයක්ති සමූහ ව්‍යාපාරය First Capital, Janashakthi Life, Orient Finance, සහ Janashakthi Foundation යන සමාගම් හා ආයතන වලින් සමන්විත වේ

ජනශක්ති සමුහය ආරම්භ වූයේ 1990 දශකයේදී ය. ඒ නිර්මාතෘ සහ ආරම්භක සභාපති සී. ටී. ඒ. ෂාෆ්ටර් මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජීවිත රක්ෂණ සඳහාම වෙන් වූ රක්ෂණ සමාගමක් ආරම්භ කිරීමත්

සමගිනි. එම සමාගම ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ පෙරළියක් ඇති කිරීමට සමත් වූ අතර, වර්තමානය වන විට ජනශක්ති සමුහය ක්‍රමෝපායික ඒකාබද්ධ වීම සහ අත්පත් කරගැනීම් ඔස්සේ සුවිශාල දියුණුවක් අත්කර ගැනීමට සමත් වී තිබේ.

සමූහයේ සන්නාමයේ X අකුරින් සුවිශේෂී අවස්ථා, පුළුල් වීම සහ දැවැන්ත වර්ධනය යනාදිය නිරූපණය වන අතර, එය ඒකාබද්ධ ආයතනයක් වශයෙන් සාමුහිකත්වයේ හරය පිළිබිඹු කරයි. සමූහයේ තේමාව වන “Stronger Together, Stronger Than Ever” ຜກ ໖໓ ຫຼື ຜ ຫຼື ໑໖ ජනශක්ති සමුහ ව්‍යාපාරය දක්වන කැපවීම සංකේතවත් වේ.

What's your reaction?

Related Posts

1 of 554

Leave A Reply

Your email address will not be published. Required fields are marked *