පසුගිය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ලබා දීපු මුදල් සම්බන්ධව කතා කරනකොට මොකවත් කරගන්න බැරි රටේ අහිංසක ජනතාව ඉන්නවා මේ අහිංසක ජනතාවට බෙහෙත් පෙත්තක් වත් ගන්න බැරි අවස්ථා තියෙනවා. ඒ ජනතාවට නොදී මුළු රටම කාපු අයට රුපියල් මිලියන ගණන් ගෙව්වේ මොන ක්‍රමයකටද
ජනාධිපති අරමුදලෙන් දුප්පත් මනුස්සයෙකුට බයිපාස් එකක් කළොත් යම් විදිහකට අරමුදලින් ඉල්ලුවොත් එහෙම මුදලක් ඉල්ලුවම ඒක ගන්න වසරක් වසර දෙකක් යනවා.,.
නමුත් මේ ජනාධිපති අරමුදලෙන් මුදල් අරගෙන තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පට්ටපල් හොරු ටිකක්.
පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරු දුප්පත් ද?
අද වන විට, දැන් මේ සහල් කිලෝ එක ගන්න කඩවල් 20 කට විතර ගියා.. ලූණු සහ හාල් නැති වේගෙන එන්නේ… ලූණු හිගයි කියලා රටින් ගේන්න කැබිනට් අනුමැතිය දීලා තියෙන්නේ… මේ රටේ ලූණු තියෙද්දී ඇයි පිටරටින් ලුණු ගේන්නේ… දකුණු පළාතේ ලුණු තියෙනවා.
පා.ම. දිලිත් ජයවීර මහත්තයා හොඳ කතාවක් පාර්ලිමේන්තුවේ, ආචාර්ය මහාචාර්ය පදවි අවශ්‍ය නෑ පාර්ලිමේන්තුවට. ආචාර්ය මහාචාර්ය පදවි තියාගෙන රටට වැඩක් කරන්නයි ඕනෑ තමන්ගේ නම තිබ්බම ඇති. ඒ වගේම තමයි ආචාර්ය පදවිය නොකිව්වනම් එහෙම හිටපු කතා නායක රංගල මහත්තයා තවත් ඉන්නවා කියන එක අමතක කරන්න එපා.
මහා පරිමාණයෙන් නිදන් ගල් කැඩුවා. හම්බ වුන ගලකුත් නෑ නිධානෙකුත් නෑ. ගල් කපපු එකෙකුත් නෑ. දැන් ගල් ඇත්තෙත් නෑ. ආයෙ ඒ ගල වහනවා. ඔන් ඔහොම තමයි ප්‍රශ්න ඇති කරගෙන යන්නේ …. මේ ලුණු මාෆියාව සම්බන්ධව වහාම ජනතාවට පැහැදිලි කරන්න.. අපි ලුණු ගෙන්නන්නේ මෙන්න මේ ගානටයි. අපි ලාභ තියාගන්නේ නෑ ජනතාවට වැඩි මුදලට ලුණු විකුණන්නත් එපා. ඉස්සරහට එන්නේ නත්තල් ඒ කතෝලික ජනතාවට ආහාර ටිකක් කන්න ඕන මේ සියල්ලම හිතේ තියා ගෙන සහල් සීනි පිටි ඒ වගේම ලුණු ආදිය වැඩි කරන්න යන්න එපා. …