ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්ය සහ පදනම් විරහිත ඒවා බව ජනාධිපති කාර්යාලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය කියා සිටින්නේ එම ප්රචාරවල කිසිදු සත්යතාවක් නොමැති බවයි. එමෙන්ම, මෙවැනි ව්යාජ සහ අසත්ය තොරතුරු මඟින් ජනතාව නොමඟ යැවීමට කිසිවෙකු උත්සාහ නොකරන ලෙසත්, එවැනි ප්රචාරයන්ට රැවටී කලබල නොවී සිටින ලෙසත් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.ඕනෑම තොරතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නිල මූලාශ්ර හරහා එහි සත්යතාව තහවුරු කරගැනීමෙන් අනතුරුව කටයුතු කරන ලෙසත්, කිසිදු පදනමක් නොමැති තොරතුරු සමාජ මාධ්ය ඔස්සේ බෙදා හැරීමෙන් වළකින ලෙසත් ජනාධිපති කාර්යාලය ජනතාවට දැඩිව දන්වා සිටියි.



























