ජපාන Nippon පදනමේ  සභාපති Yohei Sasakawa මහතා, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

ජපානයේ Nippon පදනමේ සභාපති Yohei Sasakawa මහතා, පෙබරවාරි 6 වැනි දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

අග්‍රාමාත්‍යවරිය විසින් Nippon පදනමේ සභාපතිවරයා පිළිගත් අතර Clean Sri Lanka ව්‍යාපෘතිය සඳහා ජපාන රජය දක්වන දායකත්වය පිළිබඳව ප්‍රසාදය පළ කළාය. පාසල් ප්‍රතිසංස්කරණ සහ රෝහල් සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, The Nippon Foundation විසින් අරමුදල් සපයන  ව්‍යාපෘති පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

වෘත්තීය අධ්‍යාපන සංවර්ධනයේ වැදගත්කම පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළ අතර, Nippon පදනම සමග අඛණ්ඩ සහයෝගීතාවය පවත්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, පදනම මෙතෙක් ලබාදුන් සහය වෙනුවෙන් සිය ස්තූතියද පළ කළාය. 

මෙම හමුවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata, සසාකාවා සෞඛ්‍ය පදනමේ සභාපති වෛද්‍ය Takahiro Nanri නිපොන් පදනමේ විධායක අධ්‍යක්ෂ Ichiro Kabasawa මහතා සහ The Nippon Foundation හි සභාපතිවරයාගේ ලේකම් Shota Nakayasu මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත අතිරේක ලේකම් , විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය සහ එම අමාත්‍යංශයේ නැගෙනහිර ආසියා අංශයේ සහකාර අධ්‍යක්ෂ රවීන් උබේසේකර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය  මාධ්‍ය අංශය.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *