ජපානයෙන් නිදහස් උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් අද දින පැවැත්වූයේ ජපානයේ ටෝකියෝ නුවර රෙයුකාසි කොතානි ශාලාවේ දී ය.

එයට ජපානයෙන් ගරු මත්සුෂිතා ශින්පෙයි මහතා, ගරු යමතානි එරිකෝ මහතා, මියා මොතෝ ෂින්ගෝ මහතා සහ තානාපති අකාෂි යසහි මහතා, ජපානයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපතිනිය සේසත් තාඹුගල මැතිනිය ද ජපානයේ ප්‍රධාන සංඝ නායක අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පැල්පොල විපස්සී නායක මාහිමිපාණන් සහ ජපානයේ ප්‍රධාන සංඝනායක ලංකා ජී විහාරයේ විහාරාධිපති බානගල උපතිස්ස නායක මාහිමිපාණන් ද තවත් විශාල පිරිසක් ද සහභාගි විය.

ශ්‍රී ලංකාව වර්තමානයේ පත්ව ඇති තත්වය ජපන් රජයට හා දේශපාලනික නායකයන්ට පැහැදිලි කරදීමට ඇති කදිම අවස්ථාව මෙයබව වටහාගත් ජපානයේ ශ්‍රීලංකා සංගමය, ජපානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය, වාහන අපනයනය කරුවන්ගේ සංගමය හා ව්‍යාපාරිකයන්ගේ සංගමය මේ සඳහා පූර්ණ දායකත්වය ගෙන කටයුතු කරනු ලැබීය.

මෙම නිදහස් උළෙලේදී අදහස් දැක්වූ ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී හා මන්ත්‍රීවරුන්ගේ සංගමයේ සභාපති ගරු ෂින්පෙයි මට්සුශිටා මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික තත්වය නගාසිටු වීමට ගරු ජනාධිපති අනුර කුමාර මහතා විසින් ගෙනයනු ලබන ව්‍යාපෘති සඳහා පූර්ණ සහයෝගීත්වය ලබාදෙන බවය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් එම මහතා පැවසුවේ දෙවන ලෝක යුධ සමයේ දි ශ්‍රි ලංකාව රටවල් අතර සමගිය ඇති කරමින් ජපානය හා එක්ව ලෝක සාමය ඇති කිරිමට කටයුතු කිරිමට දක්වන ප්‍රති උපකාරයක් වශයෙන් ශ්‍රී ලංකාව සමඟ නිරතුරුවම අත්වැල් බැඳගෙන කටයුතු කරන බවයි.

නැටුම් ගැයුම් වැයුම් වලින් සමන්විත වූ මෙම උත්කර්ෂවත් උත්සවය ශ්‍රී ලංකාවේ අභිමානය ජපානයේදී සනිටුහන් කිරිමට අද දින සමත් විණි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *