ජයපුර විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් කරන ලද චෝදනා

මෙවර අයවැය යෝජනා මගින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කිසිදු ප්‍රතිලාභයක් හිමි වී නොමැති බැවින් අයවැය සම්මත වීමට පෙර ඊට සංශෝධනය එක් කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය පවසනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් කියා සිටියේ, අදාළ සංශෝධන සිදු නොකළහොත් වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවයි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර සහ එම සංගමයේ සාමාජික මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ ඇතුලු පිරිසක් එක්ව සිටියා.

මේ අතර, පුරප්පාඩු සදහා ගුරුවරුන් බදවා ගැනීමේ කිසිදු නිශ්චිත ක්‍රමවේදයක් නොමැති බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් සදහන් කළා.

එසේම, ගුරුවරුන්ගේ වෘත්තීය ගැටලු‍ ගණනාවකට මේ වනතෙක් නිසි විසඳුම් ලැබී නොමැති බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය ද ප්‍රකාශ කළා.

ඒ අනුව, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ, ලක්ෂයකට පමණ වැඩි ගුරුවරුන් සංඛ්‍යාවකට වසර එක හමාරක් තිස්සේ කිසිදු උසස් වීමක් නොලැබී ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 611

Leave A Reply

Your email address will not be published. Required fields are marked *