භූතානයේ පැවති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) විධායක කමිටු රැස්වීමකදී, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා එම සම්මේලනයේ නව උප සභාපතිවරයා ලෙස ඒකමතිකව තෝරාපත් කරගනු ලැබීය.SAFF නිලධාරී මණ්ඩලය සඳහා පැවති නව තේරීම් ක්‍රියාවලිය යටතේ ඔහු මෙම තනතුරට පත්වූ අතර, මෙය මෙරට පාපන්දු ක්‍රීඩාව ලැබූ සුවිශේෂී ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.මෙමඟින් දකුණු ආසියානු කලාපය තුළ පාපන්දු ක්‍රීඩාව නගාසිටුවීමේ සහ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවෙන් ලබාදෙන දායකත්වය තවත් ඉහළ නැංවෙනු ඇතැයි බලාපොරොත්තු වේ.



























