මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට වෙන් කර තිබූ භූමිය ජලයෙන් යටවී ඇති බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) මහලේකම් එම්. ඒ. සුමන්තිරන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. පරිසර විද්‍යාඥයන්ගේ මතය අනුව මෙම භූමිය ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා සුදුසු නොවන බවත්, ඒ හේතුවෙන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විරෝධතා කිහිපයක් පැන නැගී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදුලි ආලෝක පද්ධති සහිත ශ්‍රී ලංකාවේ හත්වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස මෙහි මුල්ගල තබන ලදී. අක්කර 48ක භූමියක, මීටර් 80ක සීමාවකින් සහ තණතිලි (Pitches) දහයකින් සමන්විතව මෙය ඉදිකිරීමට සැලසුම් කර තිබුණි.


























