ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක්

අද(19) පස්වරුවේ පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය දැනුම්දෙයි.

අද පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා බත්තරමුල්ල පාර්මේන්තුව අසල රණවිරු ස්මාරකයේදී ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම කාලසීමාවේදී මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර, රණවිරු උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවයක් සිදු වුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියන්යෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුලුවීම සීමා කරනු ලැබේ.

විකල්ප මාර්ග –
• කොළඹින් පිටවන වාහන සඳහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියන්යෑම් හන්දිය දක්වා ගමන් කළ
හැක.

• කොළඹට ඇතුළුවන වාහන සඳහා කියන්යෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කළ හැක.

What's your reaction?

Related Posts

1 of 765

Leave A Reply

Your email address will not be published. Required fields are marked *