ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන්නේ පුස් බැදුණු ආහාර

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන වියළි ආහාර සැළකිව යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල සහ නිසි ප්‍රමිතියෙන් තොර බව නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

රෝගීන්ට පමණක් නොව සේවක කාර්ය මණ්ඩලයටද ලබා දෙන ආහාරද මෙසේ ප්‍රමිතියෙන් තොර ඒවා බවයි ඔහු පවසන්නේ.

ලබා දෙන ආහාර බාල සහ පුස් බැඳුණු ඒවාවන අතර ලබා දිය යුත්තේ පරා මාළු වුවත් අදාළ සමාගම රෝහලට ලබා දෙන්නේ එයට සමාන මාළු වාර්ගයක් බවයි වෛද්‍යවරයා පවසා සිටියේ.

මෙම ආහාර සපයන කොන්ත්‍රාත් සමාගම, බන්ධනාගාරය, හමුදා කඳවුරු යන රාජ්‍ය ආයතනවලට වියළි ආහාර සපයන බවත් මේ සම්බන්ධව කිහිප විටකදී ම අදාළ අංශ දැනුවත් කළද එයින් ප්‍රතිඵල නොලැබුණු බවයි ඔහු පෙන්වා දුන්නේ.

අදාළ සමාගමට වියළි සලාක සඳහා මසකට මිලියන 76ක මුදලක්ද, මාළු සඳහා මිලියන 15ක මුදලක්ද ලබා දෙන බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා හිරු කළ විමසීමකදී පවසා සිටියේ.

What's your reaction?

Related Posts

1 of 1,222

Leave A Reply

Your email address will not be published. Required fields are marked *