2027 අයවැය මගින් තම ඉල්ලීම් සහ දීමනා ගැටලුවලට විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද (25) දිනයේ දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් ක්‍රියාත්මක කරන මෙම වර්ජනයට සමගාමීව විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වෙන බව එම කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේය.පසුගිය අයවැය යෝජනා හරහා කප්පාදු කළ දීමනා සහ වරප්‍රසාද යළි ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන ඇත. මෙම වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලන, පර්යේෂණ සහ දෛනික මෙහෙයුම් කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.වෘත්තීය සමිති නියෝජිතයින් සහ රාජ්‍ය බලධාරීන් අතර සාර්ථක සාකච්ඡාවක් ඇති වුවහොත් මිස, ඉදිරි දිනවලදී විශ්වවිද්‍යාල පද්ධතියේ කටයුතු තවදුරටත් අඩපණ වීමේ අවදානමක් පවතී.



























