ජාතික සංහිඳියාවට මඟ: පලාලි, යාපනයේ හමුදා භාවිතයේ ඇති පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ප්‍රගතිය සමාලෝචනය

යාපනය සහ පලාලි ප්‍රදේශවල දැනට හමුදා භාවිතයේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ප්‍රගතිය ඇගයීම සඳහා වූ ඉහළ මට්ටමේ හමුවක් අඟහරුවාදා (11) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ වරාය හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් මෙම හමුව පැවැත්විණි. ජාතික සංහිඳියා ක්‍රියාවලියේ මූලික පදනම වන ඉඩම් සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීම සඳහා රජය දරන ප්‍රයත්නයන් කඩිනම් කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත් වූ බව ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයක දැක්වේ. මායිම් නැවත පෙළගැස්වීම අවසන් කිරීම, වන්දි ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම, නිදහස් කිරීමට නියමිත ඉඩම් කට්ටිවලට ප්‍රමුඛතාවය දීම සහ පරිපාලනමය බාධක ජය ගැනීම මෙහිදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණු විය. අත්‍යවශ්‍ය ආරක්ෂක යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි නීත්‍යානුකූල ඉඩම් හිමියන්ට සිය දේපළ වෙත නැවත ප්‍රවේශය ලැබීම සහතික කෙරෙන විනිවිදභාවයෙන් හා සාධාරණ ක්‍රියාවලියක වැදගත්කම සම සභාපතිවරුන් විසින් අවධාරණය කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ ආරක්ෂක හා පරිපාලන අංශවල සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම සැසියට සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 838

Leave A Reply

Your email address will not be published. Required fields are marked *