ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර අධ්‍යාපනයක්

ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොර පරපුරක් බිහි කිරීම සඳහා නූතනවාදී අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අකුරණ ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

සක්වළ වැඩසටහනේ 275 වැනි අදියර යටතේ අකුරණ අස්හර් ජාතික පාසැලට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීම සිදුකෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

පාසැලට අවශ්‍ය ඉංග්‍රීසි පොත්පත් ලබාගැනීම සඳහා පාසැල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා අතින් පරිත්‍යාග කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *