පසුගියදා අතුරුගිරිය පොලිස් වසමේදී අනීතිකව අත්අඩංගුවට ගැනීමක් සහ අපහාස කිරීමක් පිළිබඳ ජැක්සන් ඇන්තනී මහතාගේ බෑනාවන කසුන් මහේන්ද්‍ර මහතා නීතිඥවරුත් සමඟ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණ පැමිණිල්ලක් කළා..ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ…ගෙදරට පේන මානයේ ඉඳලා මාව අත්අඩංගුවට ගත්තේ..පොලිසිය මට පරුෂ වචනයෙන් බැන්නා..අනීතික ලෙස මාව අත්අඩංගුවට ගෙන ත්‍රීවිල් එකක දාගෙන පොලිසියට ගෙනිච්චා..පොලිසියේදී අපේ පවුලේ අයට අපහාස වන විදියට කතා කළා..මේක සාමාන්‍ය පුරවැසියෙක් හැටියට කරපු අසාධාරණයක්..අපි නීතියෙන් සහනයක් හොයනවා..පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාගේ ප්‍රකාශය වැරදි..පොලිසියේ විමර්ශන මදි.නිලධාරින් මාරු කරාට ඒගොල්ලන්ට දඬුවම් කරලා නෑ විමර්ශන වෙනකම් විතරයි..නීතිඥවරයාද මෙහිදී අදහස් දැක්වූවා..