කලවාන අම්බලංහේන මහවංගුව ප්‍රදේශයේ දී කිරි බවුසරයක් ඇලකට වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, අද (27) අලුයම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බවුසරයේ රියදුරු සහ සහායකවරයා මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
අනතුරට ලක්ව ඇත්තේ කලවාන ප්‍රදේශයේ සිට බුලත්සිංහල ප්‍රදේශයට කිරි ප්‍රවාහනය කළ බවුසරයක්.
