ජොන්ස්ටන් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ තවත් සැකකරුවෙකු ලබන මාර්තු මස 06 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය. සැකකරුවන් අද (20) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් වූ අතර, මෙම සිද්ධියටම අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු පෙබරවාරි 27 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට ද නියෝග කෙරුණි.​හිටපු අමාත්‍යවරයාට අයත් යැයි කියනු ලබන එතනෝල් සමාගමක මෙහෙයුම් කටයුතු සඳහා රජයට අයත් මෙම වාහනය භාවිත කිරීමෙන් රජයට රුපියල් මිලියන 2.5ක පමණ පාඩුවක් සිදු කර ඇති බවට මොවුන්ට චෝදනා එල්ල වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජනවාරි 05 වැනිදා අත්අඩංගුවට ගත් අතර, ඊට පෙර දෙසැම්බර් 30 වැනිදා ඔහුගේ පුත් යොහාන් ප්‍රනාන්දු කුරුණෑගලදී අත්අඩංගුවට ගැනුණි. මීට අමතරව, ව්‍යාජ ලේඛන සකස් කළ බවට චෝදනා ලැබූ සතොස ප්‍රවාහන අංශයේ හිටපු කළමනාකරු ඉන්දික රත්නමාලල ද දැනට පසුවන්නේ රිමාන්ඩ් භාරයේය.

What's your reaction?

Related Posts

1 of 1,022

Leave A Reply

Your email address will not be published. Required fields are marked *