ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්: සතොස ලොරි රථ අවභාවිතයේ තීන්දුව එයි!

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුත්‍රයන් දෙදෙනා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු පෙබරවාරි 13 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි. අදාළ වාහනය ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමක කටයුතු සඳහා යොදා ගැනීමෙන් රජයට රුපියල් මිලියන 2.5ක පමණ පාඩුවක් සිදු කර ඇති බවට මෙහිදී චෝදනා එල්ල වී ඇත.​පසුගිය ජනවාරි 5 වනදා අමාත්‍යවරයා අත්අඩංගුවට පත් වූ අතර, ජනවාරි 9 වනදා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මෙම විමර්ශනයට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු කුරුණෑගලදී අත්අඩංගුවට පත් වූයේ දෙසැම්බර් 30 වනදාය. මීට අමතරව, මෙම සිද්ධියට අදාළව ව්‍යාජ ලේඛන සකස් කළ බවට චෝදනා ලැබූ සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමාලාල ද දැනට අත්අඩංගුවේ පසුවේ.

What's your reaction?

Related Posts

1 of 992

Leave A Reply

Your email address will not be published. Required fields are marked *