2026 වසරට යෙදෙන 250වැනි අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක් නිකුත් කිරීමට එරට භාණ්ඩාගාරය සැලසුම් කරමින් සිටී.ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව සහිතව නිර්මාණය කෙරෙන මෙම කාසියේ එක පැත්තක ‘ෆයිට්’ යන වචනය තෙවරක් සඳහන්ව ඇති අතර එය පසුගිය වසරේ සිදුවූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයෙන් අනතුරුව ට්‍රම්ප්ගේ මුවින් පිටවූ වචන සිහිපත් කරමින් යොදා තිබේ.කාසියේ අනෙක් පැත්තේ ද ට්‍රම්ප්ගේ රුව සමඟ ‘ලිබර්ටි’ යන වචනය සමඟ 1776 – 2026 ලෙස අමෙරිකාවේ නිදහසින් පසු කාලසීමාව දැක්වෙයි. එහි අවසන් සැලැස්ම තවමත් තීරණය කර නොමැති බව එරට භාණ්ඩාගාරය පවසයි.