පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේදී ට්‍රැක්ටරයකට යටවීමෙන් 15 හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. ගොවිතැන් කටයුතු සඳහා උපකාර කිරීමට දින තුනකට පෙර නාමල් පොකුණේ පිහිටි සිය සීයාගේ නිවසට පැමිණ සිටි මෙම යොවුන් වියේ පසුවන දරුවා ට්‍රැක්ටරය ධාවනය කරමින් සිටියදී අනතුර සිදුව ඇති බව මූලික වාර්තාවල දැක්වේ. අනතුර සිදුවන අවස්ථාවේදී සීයාද ට්‍රැක්ටරයේ සිට ඇති අතර, ඔහු බරපතල තුවාල ලබා දරුවා සමඟ මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇත. පිරිමි දරුවා රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බවට දැනුම් දී තිබේ. වැඩිදුර ප්‍රතිකාර සඳහා සීයා මේ වන විට පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යවා ඇත. පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
























