ටොරොන්ටෝහිදී ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු අත්අඩංගුවට

කැනඩාවේ ටොරොන්ටෝ නුවර ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින්ගේ කැමැත්තකින් තොරව ඔවුන්ව වීඩියෝ කරමින් හිරිහැර කිරීමේ චෝදනා යටතේ 45 හැවිරිදි ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු (Influencer) එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2025 වසරේ මැයි මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මොහු කාන්තාවන්, පොලිස් නිලධාරිනියන් සහ පොදු ප්‍රවාහන සේවා සේවකයින් ඉලක්ක කරගනිමින් මෙලෙස වීඩියෝ කරමින් අපහසුතාවයට පත් කර ඇති බවට පොලිසිය චෝදනා කරයි. පසුගිය දෙසැම්බර් 10 වනදා අත්අඩංගුවට ගත් සැකකරු පෙබරවාරි 4 වනදා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, කැනඩා අපරාධ නීතිය යටතේ මෙවැනි අපරාධමය හිරිහැර කිරීම් (Criminal Harassment) සඳහා වසර 10 ක් දක්වා සිරදඬුවම් නියම විය හැක. මොහුගෙන් පීඩාවට පත් තවත් පුද්ගලයින් සිටී නම් ඒ පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ටොරොන්ටෝ පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 604

Leave A Reply

Your email address will not be published. Required fields are marked *