ඩග්ලස් දේවානන්දා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

මෑතකදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ. බන්ධනාගාර ගත කිරීමෙන් පසු සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් ලබාදුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. ගිනිඅවි සම්බන්ධ සිදුවීමකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පසුගිය 26 වැනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,039

Leave A Reply

Your email address will not be published. Required fields are marked *