ඩයනා අධිකරනයට

විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම්කර සිටින හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව නීතිය අනුව නිසි පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනාගේගෙන් ප්‍රකාශයක් සටහන් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී ඩයනාගමගේ සැකකාරියක් වශයෙන් නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බවත් ඒ අනුව ඇය සැකකාරියක් වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉල්ලා සිටියා.

ඒ අනුව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සැකකාරියක් වශයෙන් නම් කිරීමට අවසර දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නීතියට අනුව කටයුතු කරමින් අවශ්‍ය පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *