ඩී එස් සේනානායක හා දේවපතිරාජ 13න් පහළ සම ශූරයෝ වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කළ වයස අවුරුදු 13න් පහළ ඒ කාණ්ඩයේ තරගාවලිය ඊයේ නිමා උනා.
අවසන් තරගය පැවැත්වුණේ පානදුර සාන්ත ජෝන් ස්, විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී.
තරගාවලිය සඳහා කණ්ඩායම් 77ක් තරග වැදුණා.
අවසන් තරගයට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලීය කණ්ඩායම හා රත්ගම දේවපතිරාජ විද්‍යාලීය කණ්ඩායම තරග වැදුනා .
කණ්ඩායම 2කම මෙහිදී සම ශූරයන් බවට පත්වුණා.
මුලින් පන්දුවට පහර දුන් රත්ගම දේවපතිරාජ විද්‍යාලීය කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 202ක් ලබා සිටියදී තරගය නතර කර ඩී එස් සේනානායක කණ්ඩායමට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නා.
දේවපතිරාජ කණ්ඩායම වෙනුවෙන් කණ්ඩායම් නායික දියත් සංජිත ලකුණු 40යි
අදීෂ ගෞතම් 39යි.
පන්දු යැවීම ක්‍රීඩකයන් 6 දෙනෙක් අතරේ කඩුලු 6ක් බෙදී ගියා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩී එස් සේනානායක විද්‍යාලීය කණ්ඩායම තරඟය නතර කරන විට කිසිම කඩුල්ලක් නොදැවී ලකුණු 42ක් ලබා සිටියා.
තරග අවසානයේදී කුසලාන ප්‍රධානයද මෙහිදී සිදුකෙරුණා.

What's your reaction?

Related Posts

1 of 478

Leave A Reply

Your email address will not be published. Required fields are marked *