ඩීසල් මිල රුපියල් 600 දක්වා ඉහළ යාමේ අවදානමක් – දයාසිරි ජයසේකර අනතුරු අඟවයි!

අප්‍රේල් මාසයේදී මෙරටට ලැබීමට නියමිත ඩීසල් නැව්ගත කිරීමක පිරිවැය අනුව, ඉදිරියේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 550 ත් 600 ත් අතර අගයකට ඉහළ යා හැකි බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අනතුරු අඟවයි. ලබන අප්‍රේල් 7 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත ඩීසල් තොගය සැලකිය යුතු ඉහළ මිලකට මිලදී ගැනීමට සිදුවනු ඇති බවත්, එමඟින් දේශීය වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ දැමීම නොවළැක්විය හැකි වනු ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.​මේ වන විට රට තුළ පවතින ඉන්ධන පෝලිම් ඇතුළු අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් චෝදනා කළේ, රජය විසින් ඉන්ධන ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත වේලාවට සහ විධිමත් අයුරින් කළමනාකරණය කිරීමට අපොහොසත් වීම මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,055

Leave A Reply

Your email address will not be published. Required fields are marked *