තත්ත්පර 0.03කින් යුපුන්ට අහිමි වූ වාර්තාව

2024දී පළමු තරගවාරය ජයග්‍රහණයකින් ආරම්භ කරන්නට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට හැකියාව ලැබුණා.

ඒ ඉතාලියේ රෝම නුවරදී ක්‍රියාත්මක වු ෆෝලෝරන්ස් මලල ක්‍රීඩා සැලකෙළියේ පිරිමි මීටර් 150 ඉසව්ව ජය ගනිමින්.

ආබාධයක් හේතුවෙන් කලක් මලල ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි යුපුන් අබේකෝන් එම ආබාධයෙන් පසු යළි තරග වැදුණු පළමු තරගය ද මෙය වුණා.

එහිදි ඔහු තියුණු සටනකින් පසු තරගයේ ජය තහවුරු කර ගත්තේ තත්පර 15.19කින් තරගය අවසන් කරමින්.

මෙම ඉසව්වේ ආසියාවේ වේගවතම කාළයට ද හිමිකම් කියන යුපුන් අබේකෝන්ට එය අලුත් කිරීම අහිමිව ගියේ තත්පර දශම 03කින්.

යුපුන්ගේ සිය පෞද්ගලික දෙවැනි හොදම කාළය මෙය වන අතර මීට පෙර ඔහු තත්පර 15.16ක කාළයක් වාර්තා කරමින් ආසියානු වාර්තාවට ද හිමිකම් කියනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *