තමන්ට එරෙහිව යන ව්‍යාජ පුවතට එරෙහිව පේෂානි ඒකනායක CID යයි

ප්‍රකට රංගන ශිල්පිනී පේෂානි ඒකනායක තමන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අද දින එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඇය කියා සිටියේ, මෙරට ප්‍රමුඛ පුවත් වෙබ් අඩවියක ලාංඡනය (Logo) අවභාවිත කරමින් පුද්ගලයෙකු විසින් මෙම අසත්‍ය සටහන නිර්මාණය කර ඇති බවයි.​මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, අදාළ පුවත් වෙබ් අඩවිය පවා තමන් එවැනි පුවතක් පළ නොකළ බව තහවුරු කර ඇති බවත් පේෂාණි මෙහිදී සඳහන් කළාය. එම පුද්ගලයා කුමන අරමුණකින් මෙය කළේ දැයි තමන් නොදන්නා බව පැවසූ ඇය, එම ව්‍යාජ සටහන නිර්මාණය කළ පුද්ගලයාට අමතරව එය සමාජ මාධ්‍යවල බෙදාහළ (Share) පුද්ගලයින් පිළිබඳව ද සියලු සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව පැවසුවාය.​සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාජ පුවත ප්‍රචාරය කළ සහ ඊට අපහාසාත්මක ලෙස ප්‍රතිචාර (Comments) දැක්වූ පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

What's your reaction?

Related Posts

1 of 1,006

Leave A Reply

Your email address will not be published. Required fields are marked *