කොළඹ මහා නගර සභාව (CMC) විසින් තරුණියන්ගේ ආර්ථික ස්ථාවරත්වය ඉලක්ක කරගනිමින් ‘CMC Apparel’ නමින් නව වැඩබිමක් විවෘත කර තිබේ. NVQ වෘත්තීය පාඨමාලාව සාර්ථකව නිම කරන තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙය නිර්මාණය කර ඇති අතර, පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි 08) පැවති එහි සමාරම්භක උත්සවයේදී වර්තමාන සහ ආදි සිසුන් විසින් ඇඳුම් නිර්මාණය සහ රටා සැකසීම (Pattern making) වැනි ක්ෂේත්‍රවල තම දක්ෂතා ප්‍රදර්ශනය කළ බව කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බැල්තසාර් මහත්මිය ප්‍රකාශ කළාය.මෙහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ, අතීතයේදී නගර සභාව හරහා කාන්තාවන්ට නොමිලේ මැහුම් යන්ත්‍ර ලබාදුන්නද, ඒවා බොහෝමයක් නිසි ලෙස ප්‍රයෝජනයට නොගෙන විකුණා දමා තිබූ බවයි. එම වැරදි නිවැරදි කරමින්, මහජන බදු මුදල් නාස්ති නොවන පරිදි කාන්තාවන්ට තිරසාර ආදායම් මාර්ගයක් සහ වෘත්තීය නිපුණත්වයක් ලබාදීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව ඇය පැවසුවාය. මෙය ආරම්භයක් පමණක් බවත්, ඉදිරියේදී මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කර ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බවත් නගරාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියාය.


























