27 වන මහලේකම්වරිය ලෙස හිටපු කැබිනට් අමාත්‍යවරියක් වන තලතා අතු කෝරළ මැතිණියව ..පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කල බවත් හිටපු මහලේකම්වරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවත් විශේශ මාධ්‍ය හමුවේදී පවසා සිටියා
එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ශය පවසා සිටියේ මෙවැන්නක්
එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා අද දිනයේදී විශේෂ පත්වීමක් කරා ..එක දිගටම මහලේකම්වරු 26 ..පක්ෂයේ කටයුතු කළා අද දින
27 වන මහලේකම්වරිය ලෙස හිටපු කැබිනට් අමාත්‍යවරියක් වන තලතා අතු කෝරළ මැතිණියව ..පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළා ..
දූෂණ විරෝධී පනත සම්මත කරලා තියෙනවා ..මේවා බලාගන්වන්න අවශ්‍ය පත්වීම් ඉක්මනින් කළ යුතුයි ..
නිලධාරීන්ට මහා භාණ්ඩාගාරයට බැනලා වැඩක් නෑ …
අපිට පේනවා සමහර වගන්ති උල්ලංඝනය වෙනවා ..වැඩි කල් නොගොස් මේක ආයෙ වැටෙනවා
2025…ශ්‍රී ලංකාවට නව පණිවිඩයක් අපි ලබා දුන්නා ..කාන්තාවක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂයක මහලේකම්වරිය බවට පත් කරලා තියෙනවා ..
2025..වර්ෂයේදී ආණ්ඩුව පළපුරුද්ද දැකපුරුද්ද ..අවශ්‍ය බව ආණ්ඩුව මතක තබා ගත යුතුයි ..කිසිම පලපුරුද්දක් නැති පිරිසකට තමයි ආණ්ඩුව භාර දුන්නේ ..අපට පෙනෙන විදියට එහි ප්‍රතිඵලය භයානකයි ..
එතුමා අසනීප තත්ත්වයෙන් සිටින්නේ ..එතුමාගේ අසනීප තත්ත්වයක් සමඟ වැඩ බලලා මාලේකම්වරයෙක් පත් කිරීම ව්‍යවස්ථාවේ තියෙනවා ඒ අනුව අපි ක්‍රියා කරලා තියෙනවා ..
මහලේකම්ම ධූරය දරන පුද්ගලයාට ..මැතිවරණ සඳහා එදිරිපත් නොවිය යුතුයි කියලා අලුත් නීතියක් පනවලා තියෙනවා ..
එක්සත් ජාතික පක්ෂයක් ගෑස් ටැංකිය සමඟ නැද්ද ..
දැන් අලියා ලකුණ යටතේදී ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කරන්න අපි සූදානම් වෙනවා ..
රවි කරුණානායක පක්ෂය සාමාජිකයෙක් නෙවෙයිද ..
ඔහු පිළිබඳ විනය පරීක්ෂණයක් යනවා ඒ නිසා එය දැම්ම කියන්න බෑ
දේශපාලන පක්ෂයක් විදියට අපි බොරු කියන්නේ නැහැ …බොරු කියන දේශපාලනයේ ප්‍රතිඵල භයානකයි …විශේෂයෙන් මතක තබාගත යුතුවෙන් නීතිඥ මහතෙකුට සාමාන්‍ය පුරවැසියෙකුට එහා ගිය තැනක් තියෙන්නේ …බොරුවක් ඉගැන්වීම නීතිඥ බව අහෝසි වීමට කරුණක් ..ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා ..