ත්‍රස්ත මර්දන දැඩි තීරණයක්: පුද්ගලයන් සහ සංවිධාන රැසක් නම් කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත යටතේ නම් කරන ලද පුද්ගලයන්, කණ්ඩායම් සහ ආයතන ඇතුළත් සංශෝධිත ලේඛනයක් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 2026 ජනවාරි 6 වැනි දිනැති අංක 2470/19 දරන මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසිවල 4(7) රෙගුලාසිය යටතේ නිකුත් කර තිබූ ලැයිස්තුව තවදුරටත් සංශෝධනය කර ඇත. මෙහිදී මීට පෙර පැවති උපලේඛන අවලංගු කර ඒ වෙනුවට අලුතින් සකස් කරන ලද උපලේඛන ඇතුළත් කර තිබේ.​මෙම නව සංශෝධිත ලේඛනය 2025 මැයි මාසයේදී අවසන් වරට යාවත්කාලීන කරන ලද ලැයිස්තුව වෙනුවට භාවිත වන අතර, එය ප්‍රකාශයට පත් කළ මොහොතේ සිටම ක්‍රියාත්මක වන බව එහි සඳහන් වේ. එක්සත් ජාතීන්ගේ පනත යටතේ පැවරී ඇති බලතල අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රජය වෙනුවෙන් මෙම නිවේදනයට අත්සන් තබා ඇත.​මීට සමගාමීව, මෙම සංශෝධිත ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කර ඇති පුද්ගලයින්ට සහ ආයතනවලට අයත් සියලුම අරමුදල්, මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (freeze) ද නියෝග කර තිබේ. නිසි බලධාරියා වශයෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. මෙම සංශෝධිත ලැයිස්තුව රජයේ නිල නාලිකා ඔස්සේ මහජන පරිශීලනය සඳහා මේ වන විට විවෘතව පවතී.

What's your reaction?

Related Posts

1 of 935

Leave A Reply

Your email address will not be published. Required fields are marked *