ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී!

කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (17) අලුයම කිතුලුතුව, 151 වැනි සැතපුම් කණුව අසලදී වන අලියෙකුගේ ගැටීමෙන් පීලි පැනීමට ලක්ව තිබේ. මෙම අනතුරින් එම වන අලියා එම ස්ථානයේදීම මියගොස් ඇත. වාර්තා වන අන්දමට, දුම්රිය එන්ජිමේ අලියා ගැටීමත් සමඟ සතාගේ සිරුරේ කොටස් එන්ජිමේ සිරවීම හේතුවෙන් දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත. වනජීවී නිලධාරීන් සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී අලියා කවුඩුල්ල රක්ෂිතයේ සිට සෝමාවතිය රක්ෂිතය දෙසට ගමන් කරමින් සිට ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,016

Leave A Reply

Your email address will not be published. Required fields are marked *