ත්‍රිරෝද රථයක් විදුලි කණුවක ගැටී සිදුවුණු අනතුරින් මල් කැකුළක් ජීවිතක්ෂයට

කඩවල ප්‍රදේශයේ දී මීගමුව සිට මරදගහමුල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් විදුලි කණුවක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් එහි ගමන් කළ තිදෙනෙකු රෝහල් ගත කර ඇති අතර, අවුරුදු එකහමාරක පමණ වයසැති කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය පවසන්නේ මෙම අනතුර වේගය පාලනය කර ගැනීමට නොහැකි වී සිදු වී ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *