තාප්පයක් කඩා වැටීමෙන් කුඩා දැරියක් ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ තාප්පයක් කඩා වැටීමෙන් කුඩා දැරියක් ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම තාප්පය කඩා වැටෙන වීඩීයෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 11ක් වන දැරියක් සහ වයස අවුරුදු 50 – 70ත් අතර පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

මෙම අනතු‍රින් තුවාල ලැබූ තවත් එක් පුද්ගලයෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මෙම තාප්පය කඩා වැටීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව සෙවීම සඳහා පර්යේෂණ ආරම්භ කර ඇති බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *