තායිලන්තයේ පැවති අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල් – 2025 ( I am Medel Search Kids International ) රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 08 හැවිරිදි ඇන්ජලා විමලසූරිය දියණිය , එම තරගාවලියේ ජයජයග්‍රාහී කිරුළ  දිනා ගෙන 01/26 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 16 ක් නියෝජනය කරමින් පැමිණි තරගකරුවන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 01/24 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි .

               ඇන්ජලා විමලසූරිය කොළඹ , හැව්ලොක් පෙදෙසේ පදිංචි අතර ඇය සාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ  04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි .

               ඇන්ජලා මෙම ජයග්‍රහණය ද රැගෙන 01/26 දින දහවල් 11.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

            ඇය පිළිගැනීමට ඇයගේ පුහුණුකාරිනිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

What's your reaction?

Related Posts

1 of 565

Leave A Reply

Your email address will not be published. Required fields are marked *