තායිවානය සහ අමෙරිකාව මිසයිල ගනුදෙනුවක

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය චීනයේ මිලිටරි ක්‍රියාකාරකම් පිළිබඳ වැඩෙන කනස්සල්ල මධ්‍යයේ එහි ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීම සඳහා අමතර Stringer වර්ගයේ අමෙරිකානු මිසයිල 1,000කට වඩා මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙර තායිවාන යුධ හමුදාව සහ නාවික හමුදාව පිළිවෙලින් 2019 සහ 2015 දී Stinger මිසයිල 250 බැගින් ඇණවුම් කර තිබූ අතර තායිවාන හමුදාවන්ට වඩාත් ඵලදායි ප්‍රතිවිරෝධතා සහ වැළැක්වීම අවශ්‍ය වන අතර, තවත් ස්ටිංගර් මිසයිල 1,985ක් එක්සත් ජනපදයෙන් ඇණවුම් කිරීමට හමුදාව පොළඹවන බව Liberty Times උපුටා දක්වමින් Taiwan News වාර්තා කළේ.

තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසන පරිදි ඔවුන් අමෙරිකාවෙන් Stinger මිසයිල දියත් කිරීමේ පද්ධති 15 ක් සහ IFF උපාංග 15ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල පැවසෙන්නේ.

ඒ නාවික හමුදාව සඳහායි.

කෙසේ වෙතත්, මෙම මිලදී ගැනීම් යුද හමුදාවේ ප්‍රසම්පාදන සැලැස්මට ඇතුළත් වේද යන්න පිළිබඳව හමුදාව අදහස් දක්වා නොමැති බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *