පසුගිය කාලසීමාව පුරා පැවති කාඩ්පත් හිඟය හේතුවෙන් තාවකාලික රියදුරු බලපත්‍ර ලබා සිටි පුද්ගලයින් 400,000ක් සඳහා මේ වන විට ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ, තවත් ස්ථිර බලපත්‍ර ලක්ෂයක් මේ වන විටත් මුද්‍රණය කර අවසන් බවත්, ඒවා ඉදිරි දින කිහිපය තුළ අදාළ රියදුරන් වෙත බෙදා හැරීමට කටයුතු කරන බවත්ය. මීට අමතරව, ඉදිරියේදී ඇතිවිය හැකි අවශ්‍යතා සපුරාලීම සඳහා තවත් කාඩ්පත් මිලියනයක් මෙරටට ගෙන්වීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු ද අවසන් කර ඇති අතර, එම කාඩ්පත් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


























